අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ද්‍රෝණි ජලයෙන් පිරි ඇති බැවින් එම ද්‍රෝණිවලින් එකක් හෝ කිහිපයකට දැඩි වර්ෂාපතන තත්ත්වයක්ඇති වුවහොත් එම ද්‍රෝණිවල ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරෙන සේවාවන් සදහා සියලු ගෙවිම් කටයුතු ඕනැම ඉලෙක්ට්‍රෝනික් කාඩ්පතක් මඟින් අද (05) දින සිට සිදු කළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන ) ඩි.කුසලානි ද සිල්වා මහත්මිය පවසයි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල, මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටන් විට වැසි ඇතිවන බවත් මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.