ධාවනයෙන් ඉවත්කර ඇති වසර විසිපහකට වැඩි ආනයනික රුමේනියන් දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කොට ධාවනයට යොදා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දෙන ලදී.
මාර්ග ආරක්ෂාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි-ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැළසීමට රජය විසින් රුපියල් බිලියන 200ක් වෙන් කිරීමට (30) රැස්වූ ජීවන වියදම් කමිටුව විසින් තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) නව ශ්‍රී ලංකා හා මාලදිවයින් අධ්‍යක්ෂක ගේබ්‍රියල් ග්‍රේව් මහතා ( Gabrial Grau)අතර විශේෂ හමුවක් පසුගියදා (30) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.