විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසුවේය.
විශ්‍රාම වැටුප සුරක්ෂිත වන සහ ජේෂ්ඨත්වයට හානි නොවන අයුරින් වසර 05ක් සඳහා , රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියා සඳහා විදේශ ගත වීමට අදාළ චක්‍ර ලේඛය අද දිනයේ නිකුත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතා පැවසීය.
එළඹෙන සති අන්තය වන විට සංඛ්‍යා ලේඛන සසඳා බලා ඉදිරි සතියේ පාසල් පැවැත් වීම් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
තේ කර්මාන්තශාලා සඳහා ඩිපෝ මඟින් ඩීසල් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේශ් පතිරණ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.