රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ඇදිරි නීතිය ඉවතට
සුරාබදු ආඥාපනත යටතේ නිවේදන තුනකට සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවකට පාර්ලිමේන්තුවේ අනුමතිය
ශ්‍රී ලංකා පොලීසිය මගින් නිකුත් කර එහෙත් 2022.04.11 සහ 12 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා 2022.04.23 දක්වා සහන කාලයක් ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් සුරාබදු ආදයම් ගණනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සදහා වන පරිගණක දත්ත පද්ධතිය සකස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිර්දේශ කරයි.