ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව ඒකමතිකව සම්මතයි

    ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ ක්‍රමවත් කිරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තු සහය ලබාගන්නා බව අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (21 ) සවස කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණය චාරිකාවක විය.

    පසුගියදා විවිද පළාත්වල මාර්ග අවහිර කිරීම් සහ ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු කරන ලද පුද්ගලයන්ට සිදු කරන ලද පහර දීම් නිසා සේවයෙන් ඉවත් වූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය සේවය සහ ප්‍රවාහන බවුසර්, දින තුනකට පසු අද දිනයේ සිට නැවත බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන ලදි.

    ඉදිරි දින කිහිපය තුල ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීමට පැය 24ම බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ.ඊයෙ දිනයේ බව්සර් 600 කට ආසන්න ප්‍රමාණයක සහ දුමිරිය 5ක් මගින් ප්‍රවාහන කටයුතු සිදු කරන ලදි.

    ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීම සහ කඩිනමින් සිදු කිරීම වෙනුවන් පැය 24 පුරා එම ක්‍රියාවලිය සිදු කිරීමට අනුබද්ද ආයතන, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලීසිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් සමන්විත ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්‌ථාපිත කර ඇති අතර එහි ප්‍රගතිය සහ ඉදිරි බෙදා හැරීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ සවස කොලොන්නාව තෙල් ගබඩා මුලස්ථානයේ පැවති හමුවේ දී මේ බව අනාවරණය විය.

     

    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද නියමයන් හතරක් විවාදයකින් තොරව ඊයේ (21) පාර්ලිමේන්තුවේ අනුමත විය.

    ඉන්ධන මිල ඉහලයාම හේතුවෙන් වෘත්තිය කරගැනීමට බාධා ඇතිව තිබෙන ධීවර ප්‍රජාවට සහනදායි ක්‍රමයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන සහන සුත්‍රයක් සකස් කරන ලෙසත්, එමගින් බහුදින යාත්‍රා සහ අනෙකුත් ධීවර යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන සහන ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලෙසත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya