ජනාධිපතිතුමා විසින් සිදු කළ, කැබිනට් සංශෝධනයට අනුව පත් කළ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්ද මහතා සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී (19 දින) සිදු විය.
රඹුක්කන ප්‍රදේශයේ උද්ගතව පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි ඇදිරි නීතිය පනවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරි නිහාල් තල්දූව මහතා පවසයි.
ඖෂධ හිඟය නිසා කිසිදු රෝගියෙකු මිය ගිය බවට වාර්තා වී නොමැති බවත් හීඟ ඖෂධ ඇතුළු ශෛල්‍ය උපකරණ ලබාගැනීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා හැකි සියලු කැප කිරීම් රජය ලෙස සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ ඊයේ (18) දිවුරුම් දුන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද (19) සවස සිය අමාත්‍යාංශයේ දී ධූරයේ වැඩ භාර ගත්තේය.