වසවිසෙන් තොර පෝෂණයෙන් සපිරි නැවුම් එළවළු හා පළතුරු, පලාවර්ග, අලවර්ග ඇතුළු බෝග තම ගෙවත්තෙන්ම සපයා ගැනීම තුළින් නිරෝගී ස්වයංපෝෂිත පවුල් ඒකක සංකල්පය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය 2022 ලබන අද (29) පෙ.ව. 9.18 යෙදෙන සුභ මොහොතින් දිවයිනපුරා ආරම්භ කෙරේ.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර (S. Jaishankar) මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
ගෙවතු පවුල් ලක්ෂ 22ක් ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක කෙරෙන ''හරිත දැයක් '' ජාතික ගෙවතු වගා සංග්‍රාමය හෙට(29) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක , ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.