දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
“හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිර පරිශ්‍රයේ කොස් පැලයක් රෝපණය කරයි
කොළඹ පැවැත්වෙන පස්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා තෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා, මාර්තු 28 දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවිය.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. මේවනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම මේ වනවිටත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.