පැරණි මිලට දුම්රිය ප්‍රවේශපත් දිගින් දිගටම නිකුත් කිරීම හේතුවෙන් දුම්රිය සේවය අලාභ ලබන බවත්, අවසානයේදී එහි අහිතකර බලපෑම ද ජනතාව මතට පැටවීම සිදුවන හෙයින් ඉතාමත් සහනදායී මුදලකින් ප්‍රවේශපත් ගාස්තුව වැඩිකිරීමට කටයුතු කළ බවත්, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බව සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති (Abdulnasser Hussain Al-Harthi) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.
පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම නැවැත්වීමට කටයුතු කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස බැලූ බැල්මට පෙනීයන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.
විවිධ කලා ක්ෂේත්‍රයන් ඔස්සේ දස්කම් දක්වමින් විශිෂ්ඨ සේවාවක් ඉටුකළ කලාකරුවන්ට උපහාර පිදීමේ අරමුණෙන් පවත්වනු ලබන 2021 කලා භූෂණ රාජ්‍ය සම්මාන උත්සවය 2022 මාර්තු මස 31 වනදා පෙ. ව. 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය