“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය උතුරු මැද පළාතේ මහජන අදහස් විමසීම (27) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී පැවැත්විණ. එම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ජනතාව මෙහිදී අදහස් දැක්වූහ.
මේ වන විටත් කිසිදු වගාවක් සිදු නොකරන මෙන්ම මුඩු ඉඩම් රාශියක් රාජ්‍ය ආයතන සතුව ඇති බවත්, ඉඩම් අමාත්‍යංශයේ සම්බන්ධිකරණය යටතේ එම ඉඩම් “හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022” වෙනුවෙන් යොදාගැනීමට කටයුතු යොදා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වන සියලු තොරතුරු ඉඩම් අමාත්‍යංශයේ අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් ඉදිරිපත්කොට ඇති බවත්, ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි.
''හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය '' පළමු වතාවට සිදුකරන ගෙවතු ජාතික වැඩසටහනක් බවද, මෙපමණ ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් අවශ්‍ය සියලු සහාය, තාක්ෂණය සියල්ල ලබාදෙමින් ආරම්භ කරන අවස්ථාවක් බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල සිට අපහසුතාවකින් තොරව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව
සැලසුම් කර ඇත.