බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය මඟින් සම්පාදනය කරන ලද සිංහල - සිංහල ශබ්දකෝෂයේ සංශෝධිත සප්තමභාගය ජනගත කිරීම, සිංහල ශබ්දකෝෂ දිනයයෙදෙන 2022 මාර්තු මස 21 වන සඳු දින පෙ.ව.9.00 ට කොළඹ 07, ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
උතුරු පළාතේ බොහෝ ගම්මාන මේ වන විටත් ධීවර කර්මාන්තයෙන් ජීවයක් ලබමින් සිටින බවත් කිළිනොච්චි කිරන්චි ගම්මානයද ධීවර වගාබිම් සකසමින් ධිවර කර්මාන්තයෙන් ස්වයංපොෂිත වන ගම්මානයක් බවට පත් කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 108 ක් රැගෙන, මත්තලට පැමිණි පළමු වානිජ ගුවන් ගමන සිදුවී වසර 09 යි
හම්බන්තොට සිට නාවික සැතපුම් 24ක් පමණ (කිලෝ මීටර් 44ක් පමණ) දුරින් නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී, පපුවේ වේදනාවක් හේතුවෙන් ආසාධිත වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව 2022 මාර්තු මස 16 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී.