මේ මොහොත වන විට කොවිඩ් වසංගතය 100%ක් පාලනය කර ඇතැයි කිව නොහැකි වුවද, පෙර පැවති කොවිඩ් ව්‍යාප්ති තත්ත්වයට සාපේක්ෂව වත්මන් කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය යම් අඩුවක් ඇති බව කිව හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වැනිදා -
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
පාර්ලිමේන්තුව මාර්තු 22 සිට 25 දක්වා රැස්වේ...
මාර්තු 25 වන දින අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්වේ..
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් දේශිය නීති යොදාගෙන නීති සකස් කර විසඳුම් ලබා ගැනීමට හැකියාව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැහැදිළි කර දුන් බවත්, පසුගිය වසර 30ක් තිස්සේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් රටෙහි වාසය කළ සියලුම ප්‍රජාවන්ට විශාල හානි ප්‍රමාණයක් සිදුවී ඇති බවත්, මේ සම්බන්ධයෙන්ද මානව හිමිකම් කවුන්සිලය දැනුම්වත් කළ බවත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දමා දියර කිරෙන් මෙරට ස්වයංපෝෂිත කිරීම උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙල යටතේ ඉදිකෙරෙන මහා පරිමාණ ගොවිපලවල පරිසර වාර්තා සම්බන්ධ සාකච්ඡාවක් පසුගිය දා (15) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේදී පැවැත්විණි.