රජය පඩි පාලක සභා මගින් වතු කම්කරු ජනතාවට රුපියල් දහසේ වැටුප ලබා දුන්න ද අද එය අධිකරණය හමුවේ වතු සමාගම් විසින් අභියෝගයට ලක් කර ඇති බැවින්, එම අධිකරණ කාර්ය අවසන් වනතුරු වතු කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධව නීති රීති ගෙන ඒමට නීතියෙන් ඉඩකඩ නැති බවත්, ඒ වෙනුවෙන් වෘත්තිය සමිති එක මතයකට ආ යුතු බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
සිලෝන් ටී , සිලෝන් සිනමන් වැනි භූගෝලීය දර්ශක ලෙස හදුන්වන නිෂ්පාදන ව්‍යාජ අනුකරණයන් නැවැත්වීම සදහා නෛතික රාමුව මේ අනුව ශක්තිමත් වේ.
උද්ඝෝෂණ වලින් වැඩ කළ නොහැකියි යන ප්‍රතිපත්තියේ තමා සිටින බවත්, ප්‍රශ්න ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්.පී.පාලිත ප්‍රනාන්දු මහතා පත් කෙරේ.