මහජනයාට අවහිරයක් නොමැතිව නොකඩාව විදුලිය ලබා දීමට කටයුතු කිරීම රජයේ බලාපොරොත්තුව වන බවත්, මේ දිනවල කැළණිතිස්ස බලාගාරය, සපුගදස්කන්ද බලාගාරය භාවිතා කරමින් වුවමනා ප්‍රමාණයෙන් විදුලිය ලබා ගෙන විදුලි විසන්ධි කිරීමකින් තොරව කටයුතු කළ බවත් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කරයි.
ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රජයේ මුද්‍රණාලයේ ඉවත ලන කඩදාසි විකිණීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාව සම්බන්ධයෙන් සෙවීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක , ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
දිවයින පුරා හදුනාගත් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 574 ක් සදහා උපකරණ ලබාදීම ඇරඹේ.
උදෑසන කාලයේ තරමක සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.