කහ අස්වැන්නෙන් අද වනවිට රට ස්වයංපෝෂිත වී ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
ළමා සෞඛ්‍යය ආරක්ෂාව වෙනුවෙන් ගුණාත්මකභාවයෙන් ඉහල පිරිසිදු පානීය ජලය නිරන්තරයෙන් අපගේ දරුවන්ට ලබා දීමේ වැදගත්කම සහ ඒ සඳහා අවශ්‍ය වන නව දැනුම හා සහයෝගය ලබා ගැනීමට මැදිහත් වන මෙන් යුනිසෙෆ් සංවිධානයෙන් තමන් ඉල්ලා සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.
හිටපු හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා රචිත “THE CONFLICT THAT ELUDED PEACE” ග්‍රන්ථයේ මුල් පිටපත (24) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්විණ.