මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka



    සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල්  මහතා (Admiral, M Shaheen Iqbal)   (2022 ජනවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමු විය.

     

    නාවික හමුදා මූලස්ථානයට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව ඔහු වෙත විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පුද කෙරිණි.

    අනතුරුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, නාවික හමුදා මූලස්ථානය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු කළමණාකරන මණ්ඩලය ඔහු වෙත හදුන්වා දීමට කටයුතු කරන ලදී.

     

    මෙම නිල හමුවේදී, බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ නාවික හමුදාවන්ට අදාල වැදගත් කරුණු පිළිබඳව සහ දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

     

    එමෙන්ම, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව නාවික හමුදාධිපති කාර්යාලයේ ඇති විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතෙහි සටහනක් තැබිමට ද කටයුතු කරන ලදී.

     

    තවද, මෙම නිළ සංචාරයේදී ඔහු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා  මහතා හමුවීමට නියමිතය. එමෙන්ම බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, මෙම නිළ සංචාරයෙදී නැගෙනහිර හා දකුණු නාවික විධානයන්හි ආඥාපතිවරුන් හමුවීමට මෙන්ම, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංචාරය කිරීමටද නියමිතව ඇත.

    ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම්වල අංගයක් වශයෙන් ශ්‍රී ලංකාව MICE ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන වෙබිනාර් සාකච්ඡාවක් පසුගිය දා (12) ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සහයෝගයෙන් පවත්වන ලදී.

    මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම ඉලක්ක කරමින් (ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය) JICA ආධාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් 09 ක් සඳහා රුපියල් මිලියන 400 ක පමණ වටිනා රෝහල් උපකරණ ලබාදීම (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණී.

    “සියක් නගර” සංවර්ධන වැඩසටහනේ දී එම නගර හා ඊට යාබඳ ප්‍රදේශවල ආර්ථිකය වැඩිදියුණු කිරීම, ආදායම් ඉපයීම් ද සැළකිල්ලට ගෙන අදාළ සංවර්ධන කටයුතු සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya