කාලීන ප්‍රශ්න පමණක් නොව උපදින්න සිටින දරුවන්ගේ අනාගතය දෙස පවා බලමින් ජනාධිපතිතුමා මෙවර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇතැයි වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඔක්ටේන් 91 හෝ වෙනත් බාල වර්ගයේ පෙට්‍රල් මෙරටට ගෙනඒමට කිසිදු අඳහසක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවත්, බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළ මහතා පවසයි.
විදුලිය නිපදවීම උදෙසා ඩීසල් මෙට්‍රික් ටොන් දස දහසක් ලබා දීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තමන් උපදෙස් ලබා දුන් බවත්, එම ප්‍රමාණය දින කිහිපයකට ප්‍රමාණවත් බවත්, බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළ මහතා පවසයි.
වැඩබිම් වලදී සිදුවන අනතුරු හේතුවෙන් මිය යන සහ නිත්‍ය පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා මෙතෙක් ගෙවූ කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.