''රට අයිති මේ රටේ වර්තමානයේ ජීවත් වන මෙන්ම අනාගතයේ ජීවත් වන ජනතාවටයි. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරනා ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වෙනවා. ඒ නිසා අප සියලු දෙනාම අනාගත පරම්පරාවට වගකිව යුතුයි. ඒ නිසා රටට ආදරය කරන සියලු දෙනා එක්ව මේ අවස්ථාවේ ඒ සහාය ලබා දෙනු ඇතැයි'' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි සඳුදා දින ඉතාලියේ මිලානෝහි දී අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද ඩී. ඩී. නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සිය බලවත් ශෝකය පළ කර සිටියි.
ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සුදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18 වැනි අඟහරුවාදා ) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.