එළඹෙන 22 වනදා පහේ ශිෂ්‍යත්වයට මුහුණදීමට සිටින පුංචි දූ පුතුන්ට මුළු රට වෙනුවෙන්ම සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් වෙනුවෙන් මෙන්ම ආදරණීය තාත්තලා වශයෙන් ඉතාම ආදරණීයව සුභපැතුම් එකතු කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.
කොවිඩ්-19 වැළදී සිටියත්, රෝග ලක්ෂණ තිබුණත් දරුවන්ට ශිෂ්‍යත්වයට වාඩිවිය හැකි බවද, මේ සඳහා දරුවන් වෙනුවෙන් දිවයින පුරා විශේෂිත විභාග මධ්‍යස්ථාන 108ක් හදුනාගෙන ඇතැයිද, සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ, (17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
කොවිඩ් තර්ජන මධ්‍යයේ වුවද එළඹෙන සති අන්තයේ පැවැත්වීමට නියමිත 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සදහා අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර නිකුත් කර ඇතැයිද, මෙම විශේෂ විභාග මධ්‍යස්ථාන සදහා විබාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වන අතර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සම්බන්ධීකරණ කටයුතු සිදුවන බවද ඇය පැවසුවේය.
ඔබගේ දරුවාට රෝග ලක්ෂණ ඇතිනම් විදුහල්පතිවරයාට හෝ තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට දැනුම්දී අදාළ මධ්‍යස්ථානය පිළිබදව දැනුවත්වී එම මධ්‍යස්ථානයේ විභාගයට වාඩිවිය හැකි බවද පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂවරිය පැවසුවාය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටි ඉඩමේ නීත්‍යානුකූල අයිතිය රූපවාහිනී සංස්ථාව වෙතම ලබාදීම සදහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඊයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.
සභාවේ ප්‍රතිරූපය ගොඩනැගීමට දායක වෙමින්, වගකීමකින් කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරුන්ගේ විවාද සහ හැසිරිම් සම්බන්ධයෙන් ජාතික වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.