කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම, ශ්‍රි ලංකාවේ ජීවත්වන අපේ ජනතාවට , ආර්ථික වශයෙන් අපේ රටේ ආර්ථික මරුමස්ථානයක ආරම්භයක් ඉතිහාසයට එකතු වන දිනයක් වන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .
වෙළඳපොළෙන් ලබා ගත් ගෑස් සිලින්ඩර හිස් කිරීමෙන් අනතුරුව නැවත ගෑස් පිරවිය යුතු බවත් ඒ සඳහා සැළකිය යුතු කාලයක් වැය වන බවත් ඉදිරි සතිය තුළ ගෑස් නිකුත්කිරීමේ කටයුතු යථා තත්වයට පත්වනු ඇති බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
විදේශ ප්‍රේෂණ නොලැබීමත් සමඟ හටගෙන ඇති ආර්ථික අර්බුදය විසඳීමට සියලු විකල්ප ක්‍රියාමාර්ග ගන්නා බවත්, මෙම අර්බුදය පාලනය කිරීම සඳහා වත්මන් රජයට හැකියාව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් රජයට දැඩි විශ්වාසයක් පවතින බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
චීනයත් සමඟ අත්සන් කරනු ලැබුවේ නිදහස් වෙළඳ ගිවිසුමක් නොව ද්වී පාර්ශවික ගිවිසුමක් පමණක් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.