ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් මුදාගත් ධීවරයින් පස් දෙනෙකු (05) නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් MV LGC Periklis (IMO 9796171) නම් විදේශිය නෞකාව මඟින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට (2022 ජනවාරි 08) සන්ධ්‍යාවේ නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
Ø පුදබිමට පැමිණ සිටි ජනතාවගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් ...
නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගත්තා...
ජනපතිගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම ජනතාවගේ යුතුකමක් සහ වගකීමක්.. පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති..
ජනාමාධ්‍ය වේදීන් සඳහා කොවිඩ් - 19 බූස්ටර් එන්නත ලබා දීම (08) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි.