අප්‍රේල් 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික සමඟිය ගොඩ නැගිම අතින් රජය ඉතා හොද මට්ටමක සිටින බවත් දැන් තිබෙන්නේ ආර්ථිකය සංවර්ධනය කිරිමේ ඉලක්කයි සපුරාගැනීම බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

    වසර තුනක් තුළ මේ රටේ සැමට නීතිය සාධාරණව ලබාදෙන්න හැකි ලෙසට ස්වාධීන අධිකරණය, ස්වාධීන පොලිස් කොමිෂන් සභාව ආදී කොමිෂන් සභා පිහිටුවලා,ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර තිබෙනවා යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    වසර තුන ඇතුළත දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ඒමට නොහැකි වූ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනැල්ලා සම්මත කිරීමට හැකි වූ බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

     
    ජාතික ප්‍රශ්නයට විසඳීමක් සොයන්න ජාතික ආණ්ඩුව පිහිටුවනු ලැබූ බවත්  වත්මන් රජයට නීතියේ ආධිපත්‍ය තහවුරු කරගැනීමට හැකි වී තිබෙන බවත් පසුගිය ආණ්ඩුවට වඩා වෙනසක් වත්මන් ආණ්ඩුව සිදු කර තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya