මාර්තු 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාසල් ශිෂ්‍ය විනය කමිටු පරීක්ෂණ විධිමත් පරිදි සිදු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කෙරෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වැටුප් වැඩි කළොත් ඊට සමාන්තරව අනෙකුත් දෙපාර්තමේන්තුවල වැටුප් විෂමතාවයක් වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත්ත සේවාවක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත් බවත් ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු කිරීමට ව්‍යවස්ථානුකූලවත්,සම්ප්‍රදායානුකූලවත් හැකියාවක් නොමැති බව කතානායක කරූ ජයසූරිය මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී සිය තීරණය දැනුම් දෙමින් ප්‍රකාශ කළේ ය.

    මේ වනවිට දුම්රිය කීපයක් කොළඹ කොටුවට පැමිණෙමින් තිබෙන බවත් අද (10) සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කරගැනීමට බලාපොරොත්තු වන බවත් දුම් රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසී ය.

    මේ වනවිට දුම්රිය ධාවනය වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට තොරතුරු අනාවරණය කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා මේ බව පැවසී ය.

    '''
    අද සවස් වන විට දුම්රිය ධාවනය කිරීමේ සේවය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. දැනට හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් ධාවනය වෙනවා. මේ වනවිට එක් දුම්රියක් කොළඹ කොටුවට පමිණ තිබෙනවා.මහනුවර සිට දුම්රියක් පැමිණෙනවා.මහව සිට දුම්රියක් කොළඹ කොටුවට පැමිණෙනවා.රඹුක්කන සිට දුම්රියක් පැමිණෙනවා. මාතර, ගාල්ල ,අනුරාධපුරය සහ අවිස්සාවෙල්ල සිට දුම්රිය මේ වනවිට පැමිණෙනවා. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වෙනවා ''යැයි ද විජය සමරසිංහ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya