30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැඟීසිටීමට අපේක්ෂා කළ නමුත් පසුගිය දශකයට ආසන්න කාලය තුළ උතුරු නැගෙනහිර යුද්ධය නිමා කළත් රටේ ජනතාව අපේක්ෂා කළ ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා පසුගිය කාලපරිච්ජේදයේ විධිමත් වැඩපිළිවෙළක් නොමැති විය.
දුම්රිය වෘත්තීය සමිති කීපයක් විසින් දින කීපයක සිට වැටුප් ගැටළුවක් මුල් කරගනිමි කරගමින් ගෙන ගිය දුම්රිය වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති විසින් පියවර ගෙන ඇත. ඒ අනුව ධාවනය නොවූ දුම්රිය හෙට දිනය සිට සාමාන්‍ය තත්ත්වයෙන් ධාවනය වීම සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.
ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ සභාව විසින් සංවිධානය කරන අන්තර් ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව -2018 හෙට දින (-13) පෙරවරු 10.30ට කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේ දී ආරම්භ කිරීමට නියමිතය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකළ නිල සෙවණ කාර්යාල 5 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් අගෝස්තු මස අද (12 වන ඉරිදා) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.