“පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ තෙදිනක් තුළ ජනතා අයිතියට පවරාදීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 47 ක් ජනතා අයිතියට පවරා දීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද (01) දින සිදු විය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල වසර 03කට අධික කාලයක් පැවති නියං හේතුවෙන් පීඩාවට පත් ගොවි ජනතාවගේ කෘෂි කාර්මික කටයුතු හා 2018-2019 මහ කන්නය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජලය ප්‍රමාණවත්ව සැපයීමේ අරමුණින් ''දියවර නෑයෝ'' නමින් ජංගම සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.
මීට පෙර ලබාගෙන ඇති ණය මුදල් ගෙවා ගත නොහැකි වීම නිසා තම ව්‍යාපාරවල දෛනික අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට, බැංකු මඟින් අරමුදල් සළසා ගැනීමට නොහැකි වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට, වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිති සම්මේලනය හරහා ණය පහසුකම් සළසා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අහ්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිවී තිබේ.
දිගින් මි.මී. 72 ට වැඩි එහෙත් මි.මී. 84 ට අඩු සිගරට්ටුවක් සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු. 3.80 කින් වැඩිකර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි