පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අගෝස්තු මස පළමුවැනි බදාදා අද දින සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
දිනකට හෘද රෝගීන් 150 – 200 අතර සංඛ්‍යාවක් මරණයට පත්වන බවට මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා සදහා සංඛ්‍යාලේඛණ සපයා ගත්තේ කෙසේ දැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රශ්න කර සිටියි.