ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයෙන් පිදුම් ලැබූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට උපහාර පිරිනැමීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී ඊයේ (31) පස්වරුවේ පැවැත්විනි.
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු කි‍්‍රයාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අගෝස්තු 1, 2 සහ 3 යන දිනයන්හි පොළොන්නරුවේ දී සිදු කෙරේ.