මැදිරිගිරිය කවුඩුලුවැව බිසෝබණ්ඩාර දේවාලයට විශේෂ අවශ්‍යතාවයක්ව පැවති දේවල විශ්‍රාම ශාලාව ඉදිකොට ජනතා අයිතියට පත්කිරීම ඊයේ ( 01 )පෙරවරුවේ සිදුකෙරිනි.
පවුල් දහසකට පමණ පානීය ජලය සැපයීම සඳහා රුපියල් මිලියන 130.5 ක වියදමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගනේපල්ල සහ හක්බෙල්ලාවක ප්‍රදේශවල ඉදිකෙරෙමින් පවතන ග්‍රාමිය ජල සම්පාදන යෝජනා ක්‍රම දෙක ඔක්තොම්බර් මාසයේදී විවෘත කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘති කළමණාකාර ඉංජිනේරු ලලිත් විජේසිංහ මහතා පවසයි.
අවිද්‍යාත්මකව සිදු කරන සම්බාහක ක්‍රම වලින් ජනතාව බේරා ගත යුතු බවසෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත ඉදිකළ කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරිම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (02) සිදු කිරීමට නියමිතය.