ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකළ නිල සෙවණ කාර්යාල 12 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් අද (03) සිකුරාදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරුණු නව කි‍්‍රකට් ක්‍රීඩාංගණය ඊයේ (02) පෙරවරුවේ ජනාධිපතිි ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.
ග‍්‍රාමීය ප‍්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලු ජනතාව සතුටින් සිටීම තමාගේ ද සතුට නිසා බව ජනාධිපතිතුමා පවසයි.