ශ්‍රී ලංකාව යලිත් ගුවන් සුරක්ශිතතාවය අතින් දකුණු ආසියාවෙන් පළමු තැනට....පසුගිය වාරයට සාපේක්ෂව 1.21%ක වර්ධනයක්-
මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන විශ්‍රාම යාමට ආසන්න නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පෙ.ව.9.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
වොෂින්ටන්, 2018 ජූලි 25 වන දින - ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව සමඟ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උත්සාහයන් වෙනුවෙන් ලබා දෙන ඩොලර් මිලියන 100 ක ණය මුදල සඳහා ගිවිසුම අද දින අත්සන් කරන ලදී.
පසුගිය වසරේ දී ගිංතොට ප්‍රදේශයේ සහ අම්පාර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් හානි වූ දේපළ හා පූජනීය ස්ථාන සඳහා වන්දි ලබාදීම පිණිස නැවත පදිංචි කිරීම්,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.