ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ ස්ථාපිත කර තිබෙන ජාතික වීරයන්ගේ පිළිරුව අතරට එක්වූ මධ්‍ය විද්‍යාල සංකල්පයේ සහ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (10) පෙරවරුවේ විවෘත කෙරිණි.
භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළෙඳුන් අසීමිත ලාභයක් ඉපැයීම හේතුවෙන් මතුව තිබෙන අහිතකර තත්ත්වයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු වෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 නොවැම්බර් මස 17 දින පවත්වන ලද රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳව සංගණනයේ අවසන් වාර්තාව එළිදැක්විම 2018 ජූලි මස 09 වන දින ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා වෙත ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා විසින් මෙම වාර්තාවේ පළමු පිටපත පිළිගන්වන ලදී.
නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ. සී. අලවතුවල මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.