ඉන්ධන මිල සූත්‍රය වඩාත් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම පිණිස මහාභාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත නිල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
වන්නි දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන 20 ක් තිබෙන බවත්, එකී විහාරස්ථාන රැක බලාගැනීම ප්‍රෙද්ශයේ මහජන නියෝජිතයා වශයෙන් තමාගේ වගකීමක් වන බවත්, එම නිසාම ගෙවීගිය වසර ගණනාව තුළ තමන් එම විහාස්ථාන සංවර්ධනය සදහා තම පෞද්ගලික ධනය පරිත්‍යාග කළබවත්, මීට අමතරව මිලියන ගණනාවක් පන්සල් සංවර්ධනය සදහා රජය මගින් ලබාදී තිබෙන බවත්, ඉදිරියටද බෞද්ධ විහාස්ථාන සංවර්ධනය සදහා උපරිම අන්දමින් සහයෝගය දක්වන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ 06 වැනි වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.