මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ ''නිල සෙවණ'' ග්‍රාම නිලධාරී කාර්යාල 16ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් පසුගිය දින ජනතා අයිතියට පත්කිරීම සිදු විය.
මාතර නගරයේ ස්වර්ණාභරන වෙළඳසැල කොල්ලකෑමට පැමිණි ආයුධ සන්නද්ධ පිරිස විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස් කොස්තාපල් රියදුරු එච්.ඒ.ඩබ්. පුෂ්පකුමාර නිලධාරියාගේ සුවදුක් විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (26) දින නාරහේන්පිට පොලිස් රෝහල වෙත පැමිණියේ ය.
බුද්ධ දර්ශනය කියන්නේ අපේ රටේ ජනතාවට ආගමකට වඩා ඔවුන්ගේ ආත්මයයි. කෘෂිකර්මාන්තය කියන්නේ අපේ රටේ ජනතාවට වෘත්තියකට වඩා ජීවිතයයි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ ලුණුගම්වෙහෙර ව්‍යාප්ති කාර්යාලය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමපසුගිය දා සිදු කෙරිණ .