පසුකලෙක ජාතියක් ලෙස අප මුහුණ දී ඇති දැවැන්ත අභියෝග හමුවේ වුව පසුනොබා නැගී සිටීමට බලවත්ම ශක්තියක් උත්පාදනය කර ඇත්තේද එදා ජන ආත්මය තුළ නිධන්ගත වූ බෞද්ධ විඥානයෙහි පිහිටෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොසොන් පණිවුඩය නිකුත් කරමින් කියා සිටී.
ගාලු උරුමය පදනම යටතේ ගාලු කොටුවේ පවතින රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන 14ක් වෙනත් ස්ථානයකට ගෙන යෑම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමුද්‍ර කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (27) යෙදී තිබේ.