ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වන්නේ නම් එය වැළැක්වීමටත් අදාළ සියලු ආයතන ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.
රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය පිණිස අමාත්‍ය රවූෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ සහ විජිත හේරත් යන මහත්වරු තමන් විසින් නම් කරනු ලැබ අති බව කතානායක කරූ ජයසූරිය මහතා අද (22) පාර්ලිමේන්තුවට දැන්වීය.
හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන්දිනය නිමිත්තෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කර තිබිණි.