චීන සමූහාණ්ඩුවේ සහනදායි ආධාර යටතේ තෝරා ග්ත රෝහල් 13 ක් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි - අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික වැඩ පිළිවෙළ යටතේ එළවළු හා පළතුරු ඇතුළත් පැළ කට්ටල ලක්ෂයක් ගොවි ජනතාව අතර බෙදා දීමේ වැඩ සටහන හෙට ( 14) දින ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
දූෂණ වංචා හා අල්ලස් පිළිබඳ නඩු විභාග කඩිනම් කිරීම සඳහා පිහිටුවීමට යන විශේෂ මහාධිකරණවලින් පළමු අධිකරණය ජූලි මස 04 දා කොළඹ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යුකියේ හතොයාමා මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පසුගිය (11) සවස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ඔහු පිළිගන්නා ලදී.