රජයේ ඉඩම් වල ඉඩම් සංවර්ධනය කර වගා කටයුතු කරමින් දීර්ඝ කාලයක් එහි ජීවත්ව සිටින පදිංචිකරුවන්ට කඩිනමින් හිමිකම්පත‍්‍ර ලබා දීමේ ප‍්‍රායෝගික වැඩසටහන ඉඩම් අමාත්‍යාංශය විසින් ක‍්‍රියාවට නංවා ඇත.
අපගේ කර්මාන්තකරුවන් නවීන තාක්ෂණයෙන් සවිමත් කර අගය එකතු කළ රබර් නිෂ්පාදන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ඒ සඳහා ඔවුන් ජාත්‍යන්තර ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදන ප්‍රදර්ශනය සඳහා යොමු කරන බවත්, ඔවුන්ට දක්වන රාජ්‍යමය අනුග්‍රහයක් වශයෙන් ගුවන් ටිකට්පත් සඳහා සියයට 50% ක වියදමක් අමාත්‍යාංශය දරණ බවත්, මේ මඟින් අපේක්ෂා කරන්නේ 2020 වන විට අපේ රබර් කර්මාන්ත ක්‍ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත් රුපියල් බිලියන 480 ක ආදායමක් උපයීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කල රාමසාන් දින සුභ පැතුම් පණිවුඩය
ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනා විධිමත් ක‍්‍රමවේදයක් සකසා තීරණයක් ගන්නා තුරු තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපතිතුමා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දෙයි.