දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පලතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්න බව ජනාධිපතිතුමා පවසයි.
සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ සුදුසුකම් ලබන පවුල් 150,000 ක් සදහා සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
තැපැල් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කොට ඇති ඉල්ලිම් සාධාරණ බව පිළිගන්නා නමුත් ඔවුන් විසින් අරඹා ඇති වැඩ වර්ජනය අසාධාරණයැයි තැපැල් ,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඇම්.ඩී.බී මීගස්මුල්ල මහතා පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට නිසි මිලක් නොලැබීම නිසා මඤ්ඤොක්කා කිලෝ ලක්ෂයක් පමණ ගොවීන්ට අළෙවිකර ගැනීමට නොහැකිව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වාර්තා වී ඇත.