අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දින (ජුනි 14) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස හයක සිර දඬුවම් නියම කරන ලදී.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාස දහසයම ආවරණය වන පරිදි පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලවල සභාපති හා උප සභාපතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යනු, රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන සියලුම ප්‍රසම්පාදන ක්‍රියාවන් නියාමනය කරනු ලබන ආයතනය වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි - අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික වැඩ පිළිවෙළ යටතේ එළවළු හා පළතුරු ඇතුළත් පැළ කට්ටල ලක්ෂයක් ගොවි ජනතාව අතර බෙදා දීමේ වැඩ සටහන අද ( 14) දින ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.