දැයේ තිරසාර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ජාතික ශිල්ප සභාව සමග එක්ව සංවිධානය කරනු ලබන ,ශිල්ප අභිමානි 2017, හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උලෙළ, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
රජයේ නිලධාරීන්ට සහනදායි ක්‍රමයක් මත නිවාස ලබාදීම සදහා වත්මන් රජය මගින් ගෙන යන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන නිල සෙවන නිවාස යෝජනා ක්‍රමයේ ආරම්භක අවස්ථාව මැයි 29 වැනි දින පෙ.ව. 10.00 ට ගරු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (28) නිතරගයෙන් තේරී පත් විය.
සියලුම රජයේ ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි භාෂ සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර ගැනේ.