දුම්රිය සේවක වැඩ වර්ජනයක් පවතින අවස්ථාවේ දී දුම් රිය දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධව අද (30) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූ බවත් එහිදී ගනු ලබූ තීරණයක් අනුව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් සහ දුම් රිය සාමාන්‍යාධිකාරී විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
කලාකරුවන්ගේ ප්‍රයෝජනය සදහා මහනුවර කුණ්ඩසාලේ ඉදි කෙරුනු ජාතික කලා නිකේතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් (02) දින ප.ව. 2.00 ට ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබේ.
කිලිනොච්චිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (28) දින පැවැති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීවෙමින් කළ කතාව.
පසුගිය දිනවල පැවැති වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මේවනවිට හානී වී තිබෙන විදුලි රැහැන් පද්ධති හා ට්‍රාන්ස්ෆෝමර්වලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට යථාතත්ත්වයට පත්කොට ඇතැයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.