දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙලීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබාදීම, සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීම සහ භූගත ජලය අපිරිසිදුවීම වළක්වාලීමට පහසුවනසේ ලෝක බැංකු ආධාරයෙන් අප රටේ නොයෙකුත් හඳුනාගත් ප්‍රදේශවල මළ පිරිපහදු පද්ධති සදා දීමේ ක්‍රියාදාමයක් අප අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආපදා සිදුවන දිස්ත්‍රික්කයන්හි ආපදා අවම කිරීමට කළ යුතුයැයි හඳුනාගෙන තිබෙන ව්‍යාපෘති ඉතා ඉක්මණින් අවසන් කළ යුතුයි. නැත්නම් අපිට හැමදාම වෙන්නේ රැස්වීම් තියමින් සාකච්ඡා කරන්න. බත් පැකට් බෙදන්න, කදවුරුවල ඉන්න ජනතාවට ආධාර ලබාදෙන්න. මේකේ අවසානයක් තිබිය යුතුයි. නැතිනම් අපිට රටක් හැටියට අනාගතයක් නෑ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
මැද පෙරදිග රට වලට අඩු වැටුපට රැකියා සඳහා යැවීම වෙනුවට ජපානය,කොරියාව ආදි රටවල් වලට ඉහළ වැටුප්වලට මෙරටේ ශ්‍රමිකයින් යැවිම තම අමාත්‍යාංශයේ අරමුණ බව විදේශ රැකියා,විදුලි සංදේශ,ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.