අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මාතර, රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම්වල (22) දින වනවිට යුද්ධ හමුදා සාමාජිකයින් සමඟින් නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින් නිරතව සිටියි.
පසු ගිය දින කිහිපය තුළ ඇති වු අධික වර්ෂාවත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන සහ මං මාවත් කිහිපයක් මේ වන විටත් ජලයෙන් යට වී ඇත. ඊයේ වන විට(23) ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක
ග්‍රාම සේවා වසම් 85 ක පුද්ගලයින් 1387ක් පීඩාවට පත්ව ඇති අතර, වැඩි බලපැමක් සිදුව ඇත්තේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයටයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා වලට ලක් වූ ජනතාවට අවශ්‍ය සහන සැපයීම් කාර්යක්ෂමව සිදු කරන ලෙසත්, ඔවුන්ගේ සුභ සාධන කටයුතු නොපිරිහෙලා ඉටු කරන ලෙසත් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා මහනුවර දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම්වරු වෙත උපදෙස් ලබා දෙන ලදී.
කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ මාදම්පිටිය, හේනමුල්ල ,මෙත්සඳ සෙවණ, මහල් නිවාස සංකීර්ණයේ තවත් නිවාස 722 ක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ( 23) දින පස්වරුවේ සිදුවිය.