මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දරුවන් අතර බෝනොවන රෝග ව්‍යාප්තවීම වැළැක්විම සදහා අහිතකර ආහාර නිෂ්පාදන පිළිබද වෙළෙද ප්‍රචාරණයට එරෙහිව පියවර ගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සැසිවාරයට යෝජනා කර සිටියේය. 

    හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික් සඳහා පත්කරන ලද නව දිසාපතිවරුන් දෙදෙනාට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවවර්ධන මහතා විසින් පත්වීම් ලිපි ලබාදෙන ලදී.

    තරුණ සේවා සභාව යටතේ පුහුණුව සම්පූර්ණකරන තරුණ තරුණියන් රැකියා ලබා ගැනීම සඳහා දේශපාලකයින් පසුපස යන සංස්කෘතිය වෙනස් කරන බවත් ඒ සඳහා නව තාක්ෂණයට ගැලපෙන වැඩසටහන් තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරිපත් කර තරුණ තරුණියක්ගේ ආකල්පමය දියුණුව ඇති කිරීමට කටයුතු කරන බවත් ව්‍යාපෘති කලමණාකරණ තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

    ආපදා තත්ත්වය හමුවේ වෘත්තීන්වල නිරතව සිටියදී කිසියම් අනතුරකට ලක්ව මිය ගිය අය වෙනුවෙන් අනිවාර්යෙන්ම රුපියල් ලක්‍ෂ 10 ක වන්දියක් හිමිවන බව වාර්මාරග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. එය කිසියම් වෘත්තියක නිරිතව සිටියදී මිය ගිය අය වෙනුවෙන් පමණක් වලංගු වන බවද අමත්‍යවරයා පැවැසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya