නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලින් බර ස්වභාවය හෙට දිනයේදීත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද රාත්‍රී:
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැක. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැක.
හෙට
බස්නාහිර,දකුණු,සබරගමුව, මධ්‍යමසහවයඹපළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැක. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ දිස්ත්‍රික්ක 08කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඥාති - ගජ - මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ මුළු රට තුළ ම සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන් ද රට හුදෙකලා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට නැවත වාරයක් ''විපත් මග'' ට ඇද දැමීමේ මහත් උත්සහයක නිරත වන බව පෙනේ.
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙරට කිසිදු වෘත්තිකයෙකුට අවස්ථා අහිමි වීමක් හෝ අසාධාරණයක් හෝ සිදු නොවන බවත්, මෙරට රැකියා වෙළඳපොළ විදේශිකයන්ට විවෘත කිරීමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.