ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් එළිදැක්වීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
2017 වසරේ මුල් කාර්තුව සමඟ සන්සන්දනය කරන විට 2018 මුල් කාර්තුවේ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනය සියයට 4 % කින් වැඩි වී ඇති බවත්, 2017 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.21 ක් (1.21 Billion US Dollar) හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 19,155.5 ක් උපයාගෙන ඇති බවත්, එය 2018 වසරේ මුල් කාර්තුව වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.26 ක් (1.26 Billion US Dollar) හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 19,947 ක් දක්වා වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඒවා නැරඹීමට යාමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මේ වනවිට මාර්ග ගණනාවක ගංවතුර තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
නියගය හා වෙනත් හේතු නිසා පසුගිය වසර ගණනාවක් තිස්සේ මෙරට අපනයන කෘෂි භෝගවලින් ලබන ආදායම සියයට 05ක් පමණ දක්වා පහත වැටී ඇති හෙයින් ගොවීන්ගේ ආදායම් මට්ටම් ඉහළ නැංවීම සදහා අපනයනය ඉළක්ක කර ගනිමින් කෘෂිකාර්මික ප්‍රත්පත්ති ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.