ශ්‍රී ලංකාවේ ස්ථාපිත නිර්මල ථේරවාදී බුදු දහම තවදුරටත් සුරක්ෂිත කර බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අති පූජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පරිදි කටයුතු කරන බුද්ධශාසන අමාත්‍යංශය විදේශ රටවලින් බුදු පිළිම හා ප්‍රතිමා වහන්සේලා වැඩම කරවීමේදී ඊට අදාල අනුමැතිය ලබාදිම සඳහා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ හා බෞද්ධ කටයුතු කොමසාරිස් තුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන බෞද්ධ උපදේශක මණ්ඩලයක් මඟින් එම කටයුතු වඩාත් කාර්යක්තෂමව ඉටු කිරීමට පියවර ගෙන ඇති අතර ඊට අදාල උපදෙස් දිවයිනේ සෑම බෞද්ධ විහාරස්ථානයකට මෙන්ම භික්ෂුන් වහන්සේලාද දැනුවත් කර ඇතැයි බුද්ධශාසන අමාත්‍යංශය අවධාරණය කරයි.
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය.
පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල මැයි 10 වනදින වැඩිකිරීමෙන් අනතුරුව එදින සිට ක්‍රියාත්මක වන පරිදි එක්දින බෝට්ටු භාවිත කරන ධීවරයින් හා විදුලිය නොමැති නිවෙස් හිමියන්ටද භූමිතෙල් සඳහා පමණක් සහනාධාර ලබාදීමට රජය විසින් ගනු ලැබූ තීරණයට අනුව, ඒ සඳහා වන මුදල් ජූනි මස සිට ප්‍රතිලාභීන්ට ඍජුවම ලබාදෙනු ලැබේ.
2018 යල කන්නය සඳහා ගොවීන්ට සහනාධාර යටතේ ලබාදෙන පොහොර දිවයිනේ සියලුම පළාත්වලට බෙදාහැරීම මේ වන විටත් ක්‍රමානුකූලව සිදුවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.