විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදනය කිරීම හෙට (16) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ.
කොරියානු රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා 2018 වර්ෂයට අදාළව පැවැත්වුණු විභාගයෙන් සමත්වූ රැකියා අපේක්ෂිතයින් සඳහා නිපුණතා පරික්ෂණ මැයි මස 16 හා 17 යන දෙදින පැවැත්වීමට නියමිතව ඇත.
ලූනු සහ අර්තාපල් ගොවීන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සැකසීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද මරවීර මහතා තීරණය කර තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 1ක මුදලක් ලබාදීමට මෙරට චීන තානාපතිවරයා ඊයේ (14) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු පොරොන්දුවී ඇත.