ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ ආරාධනයකට අනුව සත්දින (මැයි මස 13 සිට 18 දක්වා) නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) මහතා ඉන්දීය සාමසාධක හමුදාවේ දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් ඉදිකර ඇති බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත ඊයේ (14) දින උදෑසන පුෂ්පෝපහාර දැක්වීය.
ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී පැවැත්විණි.
නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබදව දකුණු පළාතේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා වූ එක් දින සම්මන්ත්‍රණයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර සනායා මෙන්ෂන් හෝටලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ගිනි පෙට්ටි නිෂ්පාදනයේ යෙදෙන නිෂ්පාදකයින්ට අවශ්‍ය වන, පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇතිව තිබෙන ගැටලුවක් නිසා ගිනි පෙට්ටි නිෂ්පාදනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය පසුගිය දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යාංශයේදී හමුවී ප්‍රකාශ කරනු ලැබීය.