වෙසක් හා පොසොන් සමයේ දන්සැල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වීමටත්,මේ පිළිබඳව සෞඛ්‍ය දැනුවත් කිරීම සඳහා දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක සුවසැරිය සෞඛ්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ 071-0107107 දුරකතන අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
වෙසක් සහ පොසොන් පෝය සමයේ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර බලධරයා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බර ඉසීලිමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුණු 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල්
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවූ අතර ඔහුගේ බර ඉසිලීමේ කුසලතාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහාත් ඔහුගේ අවශ්‍යතාවයන් සපයාදීම සඳහා අනාගතයේ සහාය ලබාදෙන බවට යුද්ධ හමුදාධිපතිවරයා විසින් සහතික වී තිබේ.
දිවයින පුරා පිහිටි හෙඳ විද්‍යාලවලට නව බස් රථ ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.